කෘතිම බුද්ධියේ නවතම පෙරළිය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

කෘතිම බුද්ධියේ නවතම පෙරළිය මෙන්න

කෘතිම බුද්ධියේ නවතම පෙරළිය මෙන්න

කෘතිම බුද්ධිය, ඒ. අයි. තාක්ෂණය, චැට්. ජී. ටී. පී. යනු මේ වනවිට තාක්ෂණික ලෝකයේ දිනෙන් දින නව පුවත් මවන උණුසුම් මාතෘකාවන්‍ ය.

 

 

මෙතෙක් වෛද්‍යවරුන් සතුව තිබූ මානසික රෝගී ප්‍රතිකාර, කෘතිම බුද්ධිය විසින් අත්පත් කර ගැනීමේ නවතම තාක්ෂණය හේතුවෙන් ඒ පිළිබඳ යළි කතාබහක් මතුව ඇත.

 

 

කෘතිම බුද්ධියේ මීළඟ පෙරළිය මානසික සෞඛ්‍ය සේවය වනු ඇති බවට බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 

ඉතා සංවේදී මාතෘකාවක් වන එය කෙතරම් දුරට සදාචාරාත්මකදැයි සහ ප්‍රායෝගිකදැයි ඇතැම් පාර්ශ්ව ප්‍රශ්න කරන'මුත් දැනටමත් බොහෝ පිරිසක් තමන්ට ඇති මානසික ගැටළු පිළිබඳව කෘතිම බුද්ධියෙන් නිර්මාණය වූ වෙබ් අඩවි හරහා ප්‍රතිකාර අපෙක්ෂා කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

 

 

එහිදී තමන් මුහුණ දෙන මානසික තත්ත්වය පිළිබඳ දත්ත අදාල වෙබ් අඩවි වෙත ඇතුළත් කිරීමෙන් පසු තමන් මේ මොහොතේ කළ යුතු උපදෙස් මාලාවක් එම වෙබ් අඩවි හරහා ලබා දීම සිදු වේ.

views

283 Views

Comments

arrow-up