වට්ස්ඇප් වලට වෙන්න යන දේ ගැන ඔයා දන්නවද?

එකම වට්ස්ඇප් ගිණුමකට උපරිම දුරකථන හතරකින් ලොග් වීමේ පහසුකම ඊයේ (25) සිට Meta වෙතින් හදුන්වා දී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක වනු ඇති බවයි.
නිතිපතා smartphone කීපයක් භාවිතා කරන ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් වන අයුරින් මෙම යාවත්කාලීනකිරීම සිදුකර ඇති බව සඳහන් වේ.
Meta සමාගම සඳහන් කර ඇත්තේ මෙය පරිශීලකයන් බොහෝ පිරිසකගේ ඉල්ලීම මත සිදුකළ බවයි.
මෙසේ එකම ගිණුමකට "ලොගින් වීම" web browser ,ටැබ් යන්ත්‍ර හෝ ඩෙක්ස්ටොප් පරිගණක සමග වට්ස්ඇප් සම්බන්ධ කරන ආකාරය හා සමාන වේ.
ඇමරිකාව තුල මෙම පහසුකම ඊයේ (25) දින සිට ක්‍රියාත්මක වන බවට දැක්වෙන සටහනක් Meta සමාගමේ සභාපති මාර්ක් සකර්බර්ග් සිය නිල ෆේස්බුක් ගිණුමේ පළකර තිබුනි.
මීට පෙර වට්ස්ඇප් ගිණුමකට උපාංග කීපයක් භාවිතයෙන් වෙබ් බ්‍රව්සර් හරහා සම්බන්ධ වීමට අවස්ථාව ලැබී තිබූ නමුත් එක් දුරකථනයක් හරහා සම්බන්ධ වීමට අවස්ථාව ලැබුනේ එක් Whatsapp ගිණුමකට පමණයි.
මෙම නව විශේෂාංග ලොව අනෙක් රටවලට ද ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කරන බව Meta සමාගම පවසා සිටී. කෙසේ වෙතත් වට්ස්ඇප් වෙත සම්බන්ධ වන මූලික දුරකථනයෙහි වට්ස්ඇප් දීර්ඝ කාලයක් අක්‍රීයව පැවතියහොත් සම්බන්ධිත අනෙකුත් දුරකථන වල වට්ස්ඇප් ගිණුම් ස්වයංක්‍රීයව logout වන බව Meta සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටී.
271 Views
Comments