"ඔබේ ලැප්ටොප් පරිගණකයේ බැටරිය ගැන නොදන්න රහසක් මෙන්න" බිනෝලිගෙන් IT Tips - 06

ලැප්ටොප් පරිගණකයේ බැටරිය ආරෝපණය කිරීම සඳහා චාජර් එකට සම්බන්ධ කළ පසු ඇතැම් විටදී 90% available (Plugged in, not charging) ලෙස සඳහන් පණිවිඩයක් Task Bar එකෙහි බැටරි Icon එක අසල පෙන්වයි. මෙම ප්‍රතිශතය ක්‍රමයෙන් අඩුවෙමින් ගියත් බැටරිය 100% දක්වා චාර්ජ් නොවී තිබේ. මෙසේ වන්නේ ඇයි?
මෙට බැටරියේ හෝ ලැප්ටොප් පරිගණකයේ හෝ ඇති දෝෂයක් නොවේ. ආරක්ෂිත පියවරකි. ලැප්ටොප් පරිගණක වල බැටරියේ චාජර් සහ ඩිස්චාර්ජර් සයිකල් ගණන හෙවත් ආරෝපණය වීමේ සහ බැසයාමේ වාර ගණන පිරිමැසුම්දායක ලෙස භාවිතා කිරීම සඳහා මෙම උපක්‍රමය භාවිත කෙරේ. මෙහිදී බැටරිය යම්කිසි ආරෝපණ මට්ටමක තිබියදී චාජරයට සම්බන්ධ කළහොත් බැටරිය චාර්ජ් වෙන්නේ නැත. ඒ වෙනුවට චාජරය හරහා විදුලිය ලබාගෙන ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක වේ. යම්කිසි මට්ටමකට වඩා බැටරියේ ආරෝපණ මට්ටම අඩු වූ විට බැටරිය චාර්ජ් වෙන්නට පටන් ගනී. මෙම සැකසුම අනවශ්‍ය නම් ඉවත් කරන්නට පුළුවනි. ඒ සඳහා File Explorer තුළින් Device Manager වෙත පිවිසිය යුතුය. ඒ තුළින් Batteries යන්න ඉදිරියේ ඇති ඊතල ලකුණ ක්ලික් කළ විට Microsoft ACPI නම් ඩ්‍රයිව් එක පෙන්වයි. එය ඉවත් කළ යුතුය.
281 Views
Comments