වතුර ලීටරේකින් දවසක් පුරා ගෙදරටම විදුලිය දෙන අලුත්ම ජපන් යන්තරේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

වතුර ලීටරේකින් දවසක් පුරා ගෙදරටම විදුලිය දෙන අලුත්ම ජපන් යන්තරේ මෙන්න

වතුර ලීටරේකින් දවසක් පුරා ගෙදරටම විදුලිය දෙන අලුත්ම ජපන් යන්තරේ මෙන්න

ජපානයේ නිෂ්පාදනය කරන ලද, ජලය පමණක් භාවිතා කරමින් විදුලිය උත්පාදනය කළ හැකි නවීන තාක්ෂණයෙන් යුත් සුවිෂේෂී විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.

 

මෙම නව විදුලි ජනන යන්ත්‍රය මගින් ජලය ලීටරයක පමණ ප්‍රමාණයක් යොදාගෙන සාමාන්‍ය ප‍්‍රමාණයේ නිවසකට පැය විසි හතරක කාලයක් සඳහා අවශ්‍ය විදුලිය පහසුවෙන් ජනනය කළ හැකි බව වාර්තා වේ.

 

ජපානයේ "ග්ලෝබල් ලින්ක්" සමාගම විසින් නිපදවා ඇති මෙම ජනන යන්ත‍්‍රය, ජලය එකම අමු ද්‍රව්‍යය ලෙස භාවිතා කරමින්, ජලයෙන් හයිඩ්‍රජන් වායුව වෙන් කරගෙන විදුලිය නිපදවන අතර, මෙම යන්ත්‍රයෙන් ඔක්සිජන් වායුව පරිසරයට මුදා හැරෙන නිසා මෙය පරිසර හිතකාමී යන්ත්‍රයක් ද වන බව එම සමාගම කියා සිටී.

 

මෙම යන්ත්‍රයේ අභ්‍යන්තර යාන්ත්‍රික කොටස්  නොමැති නිසා අලුත්වැඩියාවන්ද සීමිත වන අතර, මෙය විදුලි උත්පාදන ක්‍රියාවලියේදී නිහඬ ක්‍රියාකාරීත්වයක් සහිත යන්ත්‍රයක් බවද වාර්තා වේ.

 

එසේම යන්ත්‍රය සදහා වැය කරන මුදල වසර පහක කාලයක් තුළ ආවරණය කර ගත හැකි බවද නිෂ්පාදිත සමාගම විසින් පෙන්වා දෙයි.
 

views

350 Views

Comments

arrow-up