වයිෆයි රවුටරයේ පාස්වර්ඩ් එක මාරු කරන විදිය දන්නේ නැත්නම් දැනගන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

වයිෆයි රවුටරයේ පාස්වර්ඩ් එක මාරු කරන විදිය දන්නේ නැත්නම් දැනගන්න

වයිෆයි රවුටරයේ පාස්වර්ඩ් එක මාරු කරන විදිය දන්නේ  නැත්නම් දැනගන්න

වයිෆයි භාවිතය සඳහා වයිෆයි රවුටරයකට පාස්වර්ඩ් එකක් ලබා දෙන්නේ කෙසේද?

 

මුලින්ම රවුටර් එකෙහි සැකසුම් වෙත යොමුවිය යුතුය. ඒ සඳහා සාමාන්‍ය ආකාරයට ඩෙක්ස්ටොප් පරිගණකයට හෝ ලැප්ටොප් පරිගණකයට රවුටරය සමඟ ලැබෙන ක්‍රොස් කේබල් (Cross Cable) එකෙහි එක් කෙළවරක් සම්බන්ධ කර එහි අනෙක් කෙළවර රවුටරය වෙත සම්බන්ධ කළ යුතුයි.

 

මීළඟට රවුටරයට පිවිසීම සඳහා ඇති අයිපී ලිපිනය (IP Address) 192.168.1.1 යන්න වෙබ් බ්‍රවුසර් එකෙහි ඇඩ්‍රස් බාර් (Address Bar) එක තුළ ටයිප් කර යතුරු පුවරුවේ Enter යතුර තද කළ යුතුයි.  මෙවිට Authentication Required නම් බොක්ස් එකක් විවෘත වේ.  මේ තුළ රවුටර් එක තුළට පිවිසීමට අදාල යූසර් නේම් (User Name) එක සහ පාස්වර්ඩ් (Password) එක ලබා දිය යුතුයි. යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක වෙනස් කර නැත්නම් මෙහි අති යූසර් නේම් සහ පාස්වර්ඩ් එක ලෙස තිබෙන්නේ Admin යන්නයි. ඒ නිසා එය ටයිප් කිරීමෙන් පසුව වෙබ් බ්‍රවුසර් එක හරහා රවුටරය තුළට පිවිසේ. දැන් එහි ඇති Interface Setup යන්න මත ක්ලික් කර ඒ යටතේ ඇති Wireless යන්න මත ක්ලික් කළ යුතුය.  ඉන්පසුව පහළින් ඇති Authentication Type නම් මෙනු එකෙන් WPA - PSK යන්න තෝරා ගත යුතුයි.

 

එයින් පසු පහළින් ඇති Preshared Key යන්න ඉදිරියේ අකුරු 8 ත් 63 ත් අතර ගණනක් ඇති පාස්වර්ඩ එකක් ටයිප් කළ යුතුයි. දැන් පහළින් ඇති Save නම් Button එක ක්ලික් කළ යුතුයි. දැන් එම පාස්වර්ඩ් එක ලබා නොදී වයිෆයි පහසුකම භාවිතා කළ නොහැකි වේ.

views

294 Views

Comments

arrow-up