නෙට්වර්ක් එක Speed මදිද - වැඩිකරගන්න විදිය මෙන්න

Network Cable එකක් මගින් පරිගණක දෙකක් සම්බන්ධ කොට දත්ත හුවමාරු කරන විට දත්ත හුවමාරු වේගය 100 Mbps හෝ ඊට අඩු අගයක් ගනී. එම වේගය වැඩි කර ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද?
පරිගණක දෙකක් ජාලගත කරන විට එම ජාලයේ වේගය තීරණය වීමට එහි ඇති නෙට්වර්ක් කාඩ් වල සහ රැහැන් වල වේගය බලපායි. මේ අනුව 1000 Mbps වේගයක් ඇති ජාලයක් සකස් කර ගැනීම පිණිස 1000 Mbps සඳහා සහාය දක්වන නෙට්වර්ක් කාඩ් පරිගණක දෙකටම සම්බන්ධ කොට තිබිය යුතුය. එමෙන්ම Cat 6 කාණ්ඩවල UTP කේබල් අවශ්‍ය වේ.
මෙහිදී එක් පරිගණකයක 100 Mbps නෙට්වර්ක් කාඩ් එකක් ඇත්නම් ජාලයෙන් ලැබෙන්නේ 100 Mbps වේගයකි. දැන් තිබෙන මදර්බෝඩ් වල ඇති නෙට්වර්ක් කාඩ් එක 1000 Mbps වේගය සඳහා සහාය දක්වන බැවින් 1000 Mbps දත්ත හුවමාරු වේගයක් සහිත ජාලයක් පහසුවෙන් සකසා ගැනීමට හැකි වේ.
තමන්ගේ පරිගණකයේ ඇති නෙට්වර්ක් කාඩ් එකෙහි වේගය හඳුනා ගැනීම සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයකදී නම් This PC Icon එක මත Right Click කර ලැබෙන මෙනු එකෙන් Properties යන්න ලබා ගත යුතුයි. මෙවිට System වින්ඩෝ එක විවෘත වේ. එහි වම් පසින් ඇති Device Manager යන්න ලබා ගත යුතුය. මෙවිට Device Manager වින්ඩෝ එක විවෘත වේ. එහි ඇති ඩ්‍රයිවර්ස් ලැයිස්තුව අතරින් Network Adaptor යන්න ඉදිරියේ ඇති ඊතල ලකුණ ක්ලික් කළ යුතුයි.
මෙවිට පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති නෙට්වර්ක් කාඩ් එකට අදාල ඩ්‍රයිවර් වැඩසටහන් පෙන්වයි. එහි Gigabit Network හෝ Gigabit Ethernet වැනි Gigabit යන වචනය සහිතව සඳහන්ව තිබේ නම් ඉන් කියැවෙන්නේ 1000 Mbps සහ ඊට වැඩි වේග වලට නෙට්වර්ක් කාඩ් එක සහාය දක්වන බවයි.
එහෙත් Gigabit වෙනුවට Megabit ලෙස සටහන්ව ඇත්නම් ඉන් කියැවෙන්නේ 100 Mbps නෙට්වර්ක් කාඩ් එකක් ඇති බවයි. එසේ අඩු වේගයක නෙට්වර්ක් කාඩ් එකක් සවි කර ජාලය සකසා ගත යුතුයි.
295 Views
Comments