මාක් සකර්බර්ග් තවත් සේවක කප්පාදුවකට සැරසේ

මෙටා සමාගමේ හිමිකරු වන මාර්ක් සකර්බර්ග් ගේ විශේෂ සටහනක් උපුටා දක්වමින්, ෆේස්බුක් සමාගමේ මීළඟ සේවක කප්පාදුව නුදුරේදීම සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ෆේස්බුක් සමාගමේ සේවක කප්පාදුවක් මෙවර සිදුවන්නේ තුන්වන වරටය.
මීට පෙර දෙවතාවකදී එහි සේවක කප්පාදුවක් සිදු කළ අතර එමගින් ලොව පුරා සේවකයින් 21,000 ක් පමණ සේවයෙන් ඉවත්කරන ලදී.
මෙවර සේවක කප්පාදුව මැයි මාසයේ සිදුවන බව මාර්ක් සකර්බර්ග් පවසා ඇති අතර ඒ හරහා දක්ෂයින් පමණක් ෆේස්බුක් සේවයට ඉතිරිවනු ඇති බව ඔහු සඳහන් කොට ඇත.
අදාල නිවේදනයෙන්, නුදුරේදීම ෆේස්බුක් වෙත නව අත්දැකීම් රැසක් එක්කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
288 Views
Comments