මොබයිල් ඉන්ටර්නෙට් සැරින් සැරේ ඩිස්කනෙට් වෙන්නේ ඇයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

මොබයිල් ඉන්ටර්නෙට් සැරින් සැරේ ඩිස්කනෙට් වෙන්නේ ඇයි

මොබයිල් ඉන්ටර්නෙට් සැරින් සැරේ ඩිස්කනෙට් වෙන්නේ ඇයි

වෙබ්පිටු පිරික්සන විට මෙන්ම යමක් ඩවුන්ලෝඩ් කරන විට මොබයිල් ඉන්ටර්නෙට් සම්බන්ධතාව නිතරම ඩිස්කනෙක්ට් වෙයි. එහෙත් ඩොංගල් එක කනෙක්ට් කර අන්තර්ජාලය හා සම්බන්ධ වැඩක් කරන්නේ නැතිවිට එසේ ඩිස්කනෙක්ට් වන්නේ නැත. මෙයට හේතුව කුමක්ද?

 

 යූඑස්බී පෝට් (USB Port)  වලට අදාල ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර් (Drivers Softwares) හරිහැටි ඉන්ස්ටෝල් (Install)  වී නොතිබීමෙන්ද මෙවැනි දෝෂ මතුවිය හැකිය. එනිසා යූඑස්බී පෝට් වලට අදාල ඩ්‍රයිවර්ස් අප්ඩේට් (Update) කර දෝෂය සමනය වේ දැයි බලන්න. මොබයිල් ඉන්ටර්නෙට් සම්බන්ධතා ඩිස්කනෙක්ට් (Mobile Internet Connection) වීමට බලපාන ප්‍රධානම හේතුව සංඥා ඒකාකාරීව නොතිබීමයි. ඩොංගල් එක භාවිත කරන ස්ථානයට ලැබෙන සංඥා වල ප්‍රබලතාව විටින් විට වෙනස්වන විට ඩොංගල් එක ඩිස්කනෙක්ට් වෙයි. එමෙන්ම ඒකාකාරීව වුවත් ඉතා අඩු මට්ටමක සංඥා තිබියදී යමක් ඩවුන්ලෝඩ් කරන්නට උත්සහ කළොත් මෙන්ම ඉමේජ් (Image) සහ වීඩියෝ (Video) වැඩිපුර ඇති වෙබ් පිටු වෙත ප්‍රවේශ වීමට උත්සහ කළොත් සම්බන්ධතාවය ඇණ හිටී. ඩොංගල් එක වැඩිපුර රත් වනවා නම් ඉන් පෙන්වන්නේ සංඥා දුර්වල බවයි. මෙම අපහසුතාවයෙන් මිදෙන්නට එතරම් විශ්වාස නැති නමුත් සරල උපායක් යෝජනා කළ හැකිය. එනම් හොඳ තත්ත්වයේ කේබල් සහිත යූඒස්බී ඇඩප්ටර් (USB Adaptor) එකක් යොදා ගෙන ඩොංගල් එක එක් කෙළවරකින් එයට සම්බන්ධ කර එය ඉහළට ඔසවා ඇලුමිනියන් දැල් කැබැල්ලක් මත තබා අනෙක් කෙළවරින් පරිගණකයට සම්බන්ධ කිරීමයි. මෙවිට සංඥා තඑරමක් ප්‍රබල වෙයි. එහෙත් බාල තත්ත්වයේ යූඑස්බී කේබල් එකක් යෙදුවහොත් කලින් තිබුණාටත් වඩා තත්ත්වය නරක් වෙන්නට පුළුවන.

views

346 Views

Comments

arrow-up