Flash Drive එක හරියට වැඩ කරන්නේ නැද්ද - කරන්න ඕන දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

Flash Drive එක හරියට වැඩ කරන්නේ නැද්ද - කරන්න ඕන දේ මෙන්න

Flash Drive එක හරියට වැඩ කරන්නේ නැද්ද - කරන්න ඕන දේ මෙන්න

Flash Drive එක පරිගණකයට සම්බන්ධ කළ විට සාමාන්‍ය විදියට එය ක්‍රියාත්මක වන්නේ නැත. ඒ් සඳහා Flash Drive එක අතින් අල්ලා මදක් බුරුල් කළ යුතුය. මෙසේ වන්නේ ඇයි? මෙම දෝෂය මගහරවා ගන්නේ කෙසේද?

 

Flash Drive එකෙහි ඇති USB Connector හි සිදුරු දෙකක් තිබෙනු විමසිල්ලෙන් බැලූ විට ඔබට පෙනේවි. එම සිදුරු දෙක වෙත සිරවෙන ලොක් ඇත්තේ පරිගණකයේ ඇති Flash Drive පෝර්ට් එක තුළය.  පරිගණකයේ ඇති USB Port එකට Flash Drive එක සම්බන්ධ කළ පසු මඳක් සිර වෙන්නේ මෙම සිදුරු දෙකට පෝට් එක තුළ ඇති ලොක් දෙක වැටෙන නිසාය.ඒ සමගම USB Port එකත් සමග Flash Drive එකෙහි ඇති සම්බන්ධක තුඩු ගැටෙන බැවින් Flash Drive එක ක්‍රියාත්මක වේ. Flash Drive එක ලොක් දෙකට වැටුනු පසු Flash Drive එක පහසුවෙන් ඇදී එන්නේ නැති වූවාට pin හා සම්බන්ධ වීම තරමක් ලිහිල් වේ. එහෙත් දත්ත හුවමාරුවට එය බාධාවක් නොවේ. Flash Drive එකෙහි ඇති පින් ගෙවී ගිය Flash Drive එකකදී USB Port එක ලොක් දෙකට සිරවී තිබෙන තුරු සම්බන්ධතාව පවතී. එහෙත් Flash Drive එක ලොක් වී ලිහිල් වෙන වෙලාවේදී සම්බන්ධතාව නැතිව යයි. මන්ද pin ගෙවී එහි ඝනකම අඩු වී ඇති බැවිනි.

views

257 Views

Comments

arrow-up