එයාර්ටෙල් සහ ඩයලොග් සමාගම් එක් වෙයි

ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ඩයලොග් ආසියාටා PLC සමගින් ඒකාබද්ධ කිරීමට භාර්ති එයාර්ටෙල් ලංකා (පුද්) සමාගම තීරණය කර තිබේ.
මේ පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කරමින් ඩයලොග් සමාගමේ අධ්‍යක්ෂ, සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, අදාල නීති සහ රෙගුලාසි වලට අනුව පාර්ශ්ව දෙක විසින් අදාල නියාමන බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව පවසා ඇත.
තවද යෝජිත ගනුදෙනුව සඳහා නිශ්චිත ගිවිසුම් අත්සන් කිරීමට සහ අදාල නියාමන සහ කොටස් හිමියන්ගේ අනුමැතිය ඇතුළුව අවසන් කොන්දේසි වලට යටත් වනු ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඔහු වැඩිදුරටත් දැනුම් දී තිබේ.
402 Views
Comments