ඩේටා නැතත් ෆේස්බුක් යන්න ඩයලොග් වෙතින් එන අලුත්ම පහසුකම මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

ඩේටා නැතත් ෆේස්බුක් යන්න ඩයලොග් වෙතින් එන අලුත්ම පහසුකම මෙන්න

ඩේටා නැතත් ෆේස්බුක් යන්න ඩයලොග් වෙතින් එන අලුත්ම පහසුකම මෙන්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, Meta සමාගම සමග එක්ව Dialog පාරිභෝගිකයන්ට කිසිදු ඩේටා ගාස්තු අයවීමකින් තොරව අවශ්‍ය ඕනෑම අවස්ථාවක Text Version වශයෙන් Facebook භාවිත කිරීම සඳහා අවස්ථාව සලසාදී තිබේ.

 

මේ අනුව Facebook භාවිත කිරීමට ඩේටා ගාස්තු බාධාවක් වූ ඩයලොග් පාරිභෝගිකයන්ට, ඒ පිළිබඳව තවදුරටත් සැලකිලිමත් නොවී Facebook භාවිත කිරීමට අවස්ථාව හිමි වේ.

 

මෙම විශේෂාංගය නිසා ඔබේ ස්මාට් ජංගම දුරකතනය, ටැබ් හෝ ලැප්ටොප් යනාදී ස්මාට් උපාංගවල ඩේටා නොමැති අවස්ථාවක පවා Facebook භාවිත කරමින් විශේෂ වැදගත්කමකින් යුත් තොරතුරු බලාගැනීමට සහ ඒ සම්බන්ධයෙන් දැනුවත්වීමට අවස්ථාව හිමිවේ.

 

එහෙත්, Text-only version එක නිසා මෙම සේවාව ලබාගන්නා පාරිභෝගිකයෙකුට ඡායාරූප දැකගැනීමේ අවස්ථාවක් හෝ වීඩියෝ නැරඹිමේ අවස්ථාවක් හිමි නොවේ.

 

ඔබට Facebook App එකෙන්ම text-only mode සහ Facebook හි සම්පූර්ණ version එක අතර ඉතා පහසුවෙන් මාරුවිය හැකිය.

 

එසේම Discover මොබයිල් වෙබ් සේවාව මගින් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හරහා ඩයලොග් පාරිභෝගිකයෙකුට ප්‍රමාණවත් ඩේටා ශේෂයක් නොමැති අවස්ථාවක පවා තමන් කැමති වෙබ් අඩවියකට ප්‍රවේශ විය හැක.

 

අඩු bandwidth එකක් යටතේ නොමිලේ ඩේටා භාවිත කිරීමට ඉඩ සලසා ඇති බැවින් Video, Audio, ඡායාරූප සහ වැඩියෙන් ඩේටා භාවිත වන සේවාවන් මේ යටතේ ලබාගත නොහැක.

views

243 Views

Comments

arrow-up