ජලයේ හා ගුවනේ යන ඩ්‍රෝන යානයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

ජලයේ හා ගුවනේ යන ඩ්‍රෝන යානයක්

ජලයේ හා ගුවනේ යන ඩ්‍රෝන යානයක්

ජලයේ තුළ මෙන්ම අහසේ ද පියාසර කළ හැකි ඩ්‍රෝනයක් පිළිබඳව මූලාකෘතියක් නිර්මාණය කිරීමට චීන පර්යේෂකයන් පිරිසකට හැකි වී ඇත.‍ මෙය විවිධ කාර්යයන් සඳහා භාවිත කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.

 

 TJ-FlyingFish නම් මෙම ඩ්‍රෝනය නිපදවා ඇත්තේ ටොංජි විශ්වවිද්‍යාලය සහ හොංකොං චීන විශ්වවිද්‍යාලය යටතේ ඇති ස්වයංක්‍රීය පද්ධති සඳහා වූ ෂැංහයි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් විසිනි.

 

එහි බර කිලෝග්‍රෑම් 1.63 කි. මෙම ඩ්‍රෝනයට මිනිත්තු හයක් වාතයේ සැරිසැරීමට හෝ විනාඩි 40ක් පමණ දිය යට පිහිනීමට හැකියාව ඇත. සම්පත් ගවේෂණය, සෙවීම් සහ ගලවාගැනීමේ මෙහෙයුම් සහ ඉංජිනේරු පරීක්ෂණ සඳහා මෙය යෙදීමේ හැකියාව පවතී.

views

196 Views

Comments

arrow-up