පැයකට නරක ඊමේල් තිස් දහසක් යවන ජාලයක්

ලොව පුරා තැන තැන පිහිටි පරිගණක යන්ත්‍ර 450,000 ක් එහි අයිතිකරුවන්ට නොදැනී අත්කර ගෙන ඒ ඔස්සේ පැයකට ඊමේල් 30,000 ක් යවන සයිබර් අපරාධ ව්‍යාපෘතියක් අලුතින් සොයා ගෙන තිබේ. එයට ගොදුරු වූ මිලියන 27 ක් වන සෙනඟ රවටා හෝ බිය ගන්වා හෝ ඩොලර් මිලියන ගණනක් උපයාගෙන ඇතැයි පරිගණක ආරක්ෂාව පිළිබඳ වැඩකරන ඇමරිකාවේ චෙක්පොයින්ට් නම් සමාගම අනාවරණය කර තිබේ.
අද ලෝකයේ නොයෙක් රටවල පාවිච්චි කරන සෑම පරිගණක තුනකින් එකක්ම කෙදිනක හෝ සයිබර් අපරාධකරුවෙකුගේ ග්‍රහණයට හසුව තිබේ. පිළිවෙළට පරිගණක ලක්ෂ ගණනක් සියල්ල එකිනෙක හා සම්බන්ධව තනි ජාලයක් ලෙස ක්‍රියාත්මක කෙරේ. බොට්නෙට් ලෙස හඳුන්වන්නේ මෙවැනි පරිගණක ජාලයකි.
මෙවැනි ජාලයක් තනා ගනු ලබන පිණිස බොට්කරුවා බොට් වැඩසටහනක් අන්තර්ජාලය හරහා දියත් කරයි. එවිට ආරක්ෂාව අතින් නොයෙක් දුර්වලතා ඇති පරිගණක වෙත විත් එය පැලපදියම් වෙයි. ඒ පරිගණකය පාවිච්චි කරන එහි සැබෑ අයිතිකරුවාට නොදැනෙන සේය. දැන් එම වැඩසටහන ඔස්සේ අනුන්ගේ පරිගණකවලින් ප්‍රයෝජන ගැනීමට බොට්කරුවන්ට පුළුවන. එහිදී පරිගණක අයිතිකරු කරන වැඩ වලට ඉඩදී ඔහුට නිතරම ප්‍රයෝජනයට ඕනෑවෙන්නේ නැති පරිගණක ධාරිතාව බොට්කරු තමන්ගේ ධාරිතාව මෙන් හසුරවයි.
එමගින් විවිධ ක්‍රමවලට අනුව මුදල් ඉපැයීමට බොට්කරු වෙහෙසයි. මෙම පරිගණක බලය පැයකට මෙපමණ මුදලකැයි කියා පැය ගණනකට විකිණීම එක් ක්‍රමයකි. බොට්නෙට් සේවය මිලදී ගන්නෝද ඡාවාරම්කරුවෝ වෙති. ප්‍රසිද්ධ නම් ඇති බෙහෙත් වර්ගවල බොරු බෙහෙත් විකුණන්නන් එක් ඡාවාරම්කරුවන් පිරිසකි. මේ බෙහෙත් ගැන කියැවෙන විස්තර පත්‍රිකා සහ වෙබ් ලින්ක් , ඊමේල් ගිණුම්වලට අතොරක් නැතිව එවීමට ඔවුහු බොට්නෙට් කුලියට ගනිති. ඖෂධ ගුණය නැති හෝ නියම මාත්‍රාව නැති හෝ මේ බෙහෙතත් මහජනයාට අහිතකරයි.
වෙබ් අඩවියෙන් අවහිර කරන්නට ඕනෑවූ විට එය කළ හැකි උපක්‍රමයක් වන්නේ පරිගණක ලක්ෂ ගණනක් හරහා එම වෙබ් අඩවිය වෙත පිවිසෙන්නට වෙර දැරීමයි. බොට්නෙට් එකක් හරහා මෙය කරන්නට පුළුවන්. එවිට මැවෙන ව්‍යාජ තදබදය නිසා වෙනත් කෙනෙකුට මෙම වෙබ් අඩවියට පිවිසෙන්නට බැරිය. මෙවැනි ප්‍රහාරයක් හඳුන්වන්නේ “DDoS – (Distributed Denial of Service)” යනුවෙනි. මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ කොන්ත්‍රාත්තු භාරගන්නා බොට්කරුවෝ ඉන් මුදල් උපයති.
බැංකුවක හෝ වෙනත් වගකිව යුතු ආයතනයක වෙබ් අඩවියක් සේ පෙනෙන ලෙස සැකසූ ව්‍යාජ වෙබ් අඩවි තිබේ. මේ වෙබ් අඩවි වෙත යන ගණුදෙනුකරුවෝ තමන්ගේ බැංකු ගිණුමේ පාස්වර්ඩ් , ක්‍රෙඩිට් කාඩ් අංක යනාදිය ඒවාට ලබා දෙති. ෆිෂින් යනුවෙන් හඳුන්වන්නේ මේ කටයුත්ත වන අතර මහජනයා නොමග යවා තොරතුරු එක් කරන බොට්නෙට් තිබේ. ඒවා හසුරුවන බොට්කරු මේ තොරතුරු අවශ්‍ය අයට විකුණා මුදල් උපයති.
පසුගියදා අනාවරණය වුනේ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු අන් අයට විකුණන්නේ යැයි කියමින් බිය ගන්වා කප්පම් මුදල් ඉල්ලන බොට්නෙට් එකකි. එවැනි වැඩසටහන් sextortion යනුවෙන් හඳුන්වයි.
254 Views
Comments