ලංකාවේ කෘතිම බුද්ධි තාක්ෂණය නංවන්න ජනපති අණින් පියවර

කෘතිම බුද්ධිය භාවිතය මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බළකායක් නම් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
එසේම, ඔවුන්ගෙන් ලබාගන්නා තොරතුරු ඉදිරිපත් කර, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසටත් ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දී ඇත්තේ, කෘතිම බුද්ධිය (Artificial Intelligence) හෙවත් AI තාක්ෂණය රටේ සංවර්ධනයට යොදාගත හැකි අන්දම පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
ලබන වසරේදී කෘතිම බුද්ධිය හෙවත් ඇඓ තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියනයක් වෙන් කිරීමට රජය අපේක්ෂා කරන අතර, කෘතිම බුද්ධිය රට තුළ දියුණු කිරීමේ දී පළමුව ඊට සරිලන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන ආයතනයක් සහ දත්ත පද්ධතියක් ගොඩනැගිය යුතු බව ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටී.
253 Views
Comments