දිනෙන් දින අලුත් වන වට්ස්ඇප් වෙතින් නවතම විශේෂාංග තුනක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

දිනෙන් දින අලුත් වන වට්ස්ඇප් වෙතින් නවතම විශේෂාංග තුනක්

දිනෙන් දින අලුත් වන වට්ස්ඇප් වෙතින් නවතම විශේෂාංග තුනක්

මෙටා ආයතනය විසින් වට්සැප් පරිශීලකයින්ට නව විශේෂාංග තුනක් හඳුන්වා දී තිබේ.

 

මෙම නව විශේෂාංග තුන වන්නේ ඡන්ද විමසීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය නිකුත් කිරීම (Forward media with caption) සහ සිරස්තල සහිත ලේඛන (Documents with captions) යි.

 

එහි ඡන්ද විමසීම් මගින් යම් යම් කරුණු වලට නිශ්චිත පිළිතුරක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව සඳහන් වන අතර, සිරස්තල සහිත මාධ්‍ය හරහා ඡායාරූප, වීඩියෝ සහ GIF යැවීමේදී සිරස්තලයක් සමග යැවීමේ පහසුකම ලැබෙන බව සඳහන් වේ.

 

එසේම, සිරස්තල සහිත ලේඛන යනු පරිශීලකයින්ට තමන් වෙත ලැබුණු ලේඛනයක් සොයා ගැනීම පහසු කරවන නව පහසුකමක් බව මෙටා ආයතනය කියයි.

 

මේ වන විට ගෝලීය වශයෙන් මෙම පහසුකම ලබා දීමට මෙටා ආයතනය කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර මෙහි නවතම අනුවාදයක් ස්ථාපිත කළද, මෙම විශේෂාංග සෑම කෙනෙකුටම ලබා ගැනීමට යම් කාලයක් ගත විය හැකි බවද සඳහන් වේ.

views

248 Views

Comments

arrow-up