පරණ කැසට් පීස් එකක සිංදු PC එකෙන් අහමුද

පැරණි කැසට් පටයක රෙකෝඩ් කර ඇති ගීත ඩිජිටල් ෆයිල් බවට හරවාගෙන පරිගණකයේ තැන්පත් කරන්නේ කෙසේද?
මේ සඳහා සාමාන්‍ය කැසට් රෙකෝඩරයක් හා 3.5 mm ප්‍රමාණයේ ස්ටීරියෝ ජැක් 2 ක් සවි කළ කේබල් එකක් අවශ්‍ය වේ. එම කේබල් එකෙහි එක් පැත්තක් කැසට් රෙකෝඩරයේ ඇති Earphone Port එකට සම්බන්ධ කළ යුතුයි. කැසට් රෙකෝඩරයෙහි Line Out Port 2 ක් තිබේ. එක් පසෙක RCA Jack 2 ක් සහ අනෙක් පස 5mm ප්‍රමාණයේ Stereo Jack එකක් ඇති කේබල් එකක් භාවිතා කළ යුතුයි. එහිදී RCA ජැක් දෙක වර්ණ ගැළපෙන ආකාරයට කැසට් රෙකෝඩරයේ ඇති පෝට් වෙත සම්බන්ධ කළ යුතුයි. අනෙක් අන්තය සවුන්ඩ් කාඩ් (Sound Card) එකෙහි Line In පෝට් එකට සම්බන්ධ කළ යුතුයි. ලැප්ටොප් පරිගණක වල නම් බොහෝ විට Line In පෝට් එකක් නොලැබෙන නිසා Microphone පෝට් එක යොදා ගත යුතුයි.
එසේ සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව ශබ්දය රෙකෝඩ් කර ගැනීම සඳහා ඕඩියෝ එඩිටින් (Audio Editing) වර්ගයේ වැඩසටහනක් භාවිත කළ යුතුයි. නොමිලේ ඩඩුන්ලෝඩ් කර ගත හැකි Audacity වැඩසටහන මේ සඳහා භාවිත කිරීම සුදුසුයි. එය audacity team.org යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
Audacity වැඩසටහන ඉන්ස්ටෝල් කර එය විවෘත කිරීමෙන් පසුව පටිගත කරන ඩිවයිස් (Device) එක තේරීම සඳහා Edit Menu එක තුළින් Preferences යන්න තෝරා ගත යුතුයි. මෙවිට Preferences ඩයලොග් බොක්ස් එක විවෘත වේ. එහි වම් පසින් ඇති ටැබ් අතරින් Devices යන්න තෝරා ගෙන ඊට දකුණු පසින් ඇති Recording යන්න යටතේ ඇති Devices Menu එක තුළින් 3.5 mm පුමාණයේ Stereo Jack එක පරිගණකයට සම්බන්ධ කළ Line in පෝට් එක හෝ Microphone පෝට් එක තෝරා Ok කළ යුතුයි. ඉන්පසුව ඔඩෑසිටි වැඩසටහනේ ඇති Record Button එක ක්ලික් කර කැසට් රෙකෝඩරයෙන් සාමාන්‍ය ආකාරයට කැසට් පටය වාදනය කළ යුතුයි. මෙහිදී රෙකෝඩ් වෙන ශබ්දය අවශ්‍ය පරිදි පාලනය කිරීම කැසට් රෙකෝඩරය හරහා කළ හැකියි. එම ශබ්දය ඕනෑවට වඩා වැඩි වූ විට පරිගණකයේ රෙකෝඩ් වෙන ගීත ඝෝෂාකාරීව ඇසෙයි. මේ නිසා අවශ්‍ය පමණට හඬ තබා ගැනීම වැදගත් වේ.
388 Views
Comments