පාකින්සන් රෝගීන්ට විශේෂ සුභ ආරංචියක්

පාකින්සන් රෝගයෙන් පෙළෙන පුද්ගලයන් හට උපකාර කළ හැකි ක්‍රමවේදයක් ජර්මනියේ විද්‍යාඥයන් පිරිසක් විසින් සොයා ගෙන ඇත.
එමගින් මොළයට කුඩා චිපයක් (chip) තබා එයට සංඥා යැවිම හරහා මොළය වඩාත් හොඳින් ක්‍රියාකිරීමට සහ සෙලවීම නවත්වා ගැනීමට උපකාරී වේ.
මෙය ගැඹුරු මොළය උත්තේජනය (DBS) කිරීමේ අරමුණින් ශරීරයේ චලනය සඳහා වැදගත් වන මොළයේ අභ්‍යන්තරයට විද්‍යුත් සංඥා යවන උපකරණයක් බද්ධ කිරීමේ සැත්කමකි.
එහිදී මොළයේ ගැඹුරින් තැන්පත් කර ඇති ඉලෙක්ට්‍රෝඩ, උත්තේජක උපාංගයකට සම්බන්ධ කරවීමක් සිදු වේ.
මෙම DBS හෙවත් ගැඹුරු මොළය උත්තේජනය කිරීම පාකින්සන් රෝගය, ඩිස්ටෝනියාව, අනවශ්‍ය වෙව්ලීම, මන්දගාමී බව, සිරුරේ තද ගතිය සහ ඇවිදීමේ ගැටළු ආදියේ රෝග ලක්ෂණ අඩු කිරීමට උපකාරී වන බව එම විද්‍යාඥයන් පිරිස සඳහන් කර තිබේ.
තවද මෙම ක්‍රමවේදය මගින් ඉහත සඳහන් රෝග වලින් පෙළෙන පුද්ගලයන් හට ලබාගන්නා ඖෂධ අවම කර යහපත් ජීවිතයක් ගෙවීමට පහසුකම් සලසා දෙන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.
241 Views
Comments