දිනෙන් දින දියුණු වන කෘතිම බුද්ධියේ භයානක අතුරුඵලයක් ගැන හෙළිදරව්වක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

දිනෙන් දින දියුණු වන කෘතිම බුද්ධියේ භයානක අතුරුඵලයක් ගැන හෙළිදරව්වක්

දිනෙන් දින දියුණු වන කෘතිම බුද්ධියේ භයානක අතුරුඵලයක් ගැන හෙළිදරව්වක්

AI හෙවත් කෘතිම බුද්ධිය භාවිතයෙන් මේ වනවිට ව්‍යාජ වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් නිර්මාණය වී ඇති බවට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

 

 

මහජනයා විසින් කෘතිම බුද්ධිය බහුලව භාවිතා කිරීමට පටන් ගැනීමත් සමග මෙලෙස විවිධ වෙබ් අඩවි නිර්මාණය කර ඇති බවත් ප්‍රවෘත්ති ශ්‍රේණිගත කිරීමේ කණ්ඩායමක් වන NewsGuard විසින් AI chatbots විසින් අනාවරණය කරන ලද ප්‍රවෘත්ති වෙබ් අඩවි විශාල ගණනක් සොයාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

එසේම මෙම වෙබ් අඩවි AI chatbots භාවිතා කරමින් ව්‍යාජ පුවත් පළකර තිබෙන අතර විවිධ දැන්වීම් පළ කිරීමෙන් යම් ආදායමක්ද උපයා තිබෙන බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

 

 

බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ මෙම අනතරු ඇඟවීමත් සමග ගූගල් ආයතනයද මෙම වෙබ් අඩවි හරහා දැන්වීම් පළකිරීමෙන් ඉවත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

views

227 Views

Comments

arrow-up