සඳේ අභිරහස් සොයන ආටෙමිස්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

සඳේ අභිරහස් සොයන ආටෙමිස්

සඳේ අභිරහස් සොයන ආටෙමිස්


Artemis (ආටෙමිස්)” වැඩසටහන, අභ්‍යවකාශ ගවේෂණයේ නව පරිච්ඡේදයක් ඇරඹීමට බලාපොරොත්තුවෙන් පසුවන ව්‍යාපෘතියකි.



නාසා ආයතනයට අමතර ව යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය, කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය, ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සහ තවත් සමාගම් කිහිපයක් “ආටෙමිස්” වැඩසටහන සමඟ සහයෝගී ව කටයුතු කරමින් සිටී.



ඇපලෝ ව්‍යාපෘතිය මෙන් “Artemis” ක්‍රියාත්මක වන්නේත් මෙහෙයුම් මාලාවක් වශයෙනි. ඒවා කාර්ය මණ්ඩලයක් සහිත හෝ රහිත මෙහෙයුම් වශයෙන් සැලසුම් වන අතර, සඳ වටා කක්ෂයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදි කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.


කාර්ය මණ්ඩලයක් නොමැති ව ක්‍රියාත්මක වූ පළමු අදියර, පරීක්ෂණ පියාසැරියක් වශයෙන් 2022 නොවැම්බර් 16 වැනිදා සිදු විය.



Artemis II යනු 2024 අගභාගයේ දී පමණ සිදු කිරීමට සැලසුම් කර ඇති අදියරකි. ව්‍යාපෘතියේ මෙම අදියර වඩාත් විශේෂ සහ ඓතිහාසික වන්නේ, ඊට කාර්ය මණ්ඩලයක් ඇතුළත් ව තිබීම යි. ගගනගාමීන් සිව්දෙනකු ගේ නම් ඒ සඳහා ප්‍රසිද්ධ කර ඇත.



නාසා ගගනගාමී සහ අණදෙන නිලධාරී රීඩ් වයිස්මන්, නියමු වික්ටර් ග්ලෝවර්, මෙහෙයුම් විශේෂඥ ක්‍රිස්ටිනා කෝච්, සහ ජෙරමි හැන්සන් එම සිව්දෙනා වේ.



Artemis යනු අවුරුදු කිහිපයක් පුරා අදියරෙන් අදියර ක්‍රියාත්මක වන දැවැන්ත ව්‍යාපෘතියකි. මෙය සැලසුම් කළ ආකාරයෙන් ම සාර්ථක වුවහොත්, අඟහරු ග්‍රහයා මත සිදු කිරීමට නියමිත මෙහෙයුම් පවා තවදුරටත් දියුණු කිරීමේ අවස්ථාව උදා වේ.

views

284 Views

Comments

arrow-up