මිනිසාගේ සහයට එන Robo Simian
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

මිනිසාගේ සහයට එන Robo Simian

මිනිසාගේ සහයට එන Robo Simian

Robo Simian බාහිර පෙනුමින් වානරයකුගේ හැඩයක් ගනී. මේ රොබෝවා NASA ආයතනයට අයත් ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයේ නිෂ්පාදනය වූවකි. 2015 වසරේ ෆ්ලොරිඩාවේ පැවැත්වුණු DARPA Robotics Challenge (DRC) තරගයට ඉදිරිපත් වූ මෙය ඉන් පස් වැනි ස්ථානය දිනාගැනීමට සමත් විය.



මේ රොබෝවා නිපදවා තිබෙන්නේ මිනිසාට සිදු කිරීමට අනතුරුදායක කටයුතුවල දී ස්වයංක්‍රීය ව ක්‍රියාත්මක වෙමින් ඒවා ඉටු කර දීම සඳහා ය. න්‍යෂ්ටික ව්‍යසනයකින් අනතුරු ව, විකිරණශීලීතාව මැද වුව ද තම කාර්යභාරය කිරීමේ හැකියාව Robo Simian සතු ය.



රළු පාරිසරික තත්ත්වයන් යටතේ වුව ද ඇවිද යා හැකි පරිදි සකසා ඇති මේ රොබෝවාට විවිධ දිශාවන්ට මෙහෙයවිය හැකි පරිදි සවි වූ පාද හතරක් ඇත. අවශ්‍ය විටක ඒවාට රෝද සවි කර ධාවනය කිරීම ද කළ හැකි ය.



ස්ටීරියෝ කැමරා හතකින් සමන්විත කැමරා පද්ධතියකට ද හිමිකම් කියන Robo Simian ආලෝකය ග්‍රහණය කර පරාස මනින උපාංගයන් ගෙන් ද (LiDAR : Light Detection and Ranging devices) සමන්විත වේ.
 

views

273 Views

Comments

arrow-up