අඟහරු මත තිබූ සටහන් පොත
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

අඟහරු මත තිබූ සටහන් පොත

අඟහරු මත තිබූ සටහන් පොත

අඟහරු මත ගවේෂණ කටයුතු සිදු කරන කියුරියෝසිටි රෝවරයේ කැමරා කාචයට අපටු හුරු පුරුදු පෙනුමකින් යුතු පාෂාණයක් හසු වී තිබේ. සෙන්ටිමී‍ටර 2.5 ක දිගකින් යුතු වූ එය පිටු පෙරළෙමින් තිබෙන කුඩා සටහන් පොතක ස්වරූපයෙන් යුක්තයි. කියුරියෝසිටිට මෙය හමු වී තිබෙන්නේ ගේල් ආවාටය තුළ දී යි.



අඟහරු මත හමු වන බහුතර පාෂාණ අක්‍රමවත් හැඩයෙන් යුතු වුවත් ඉඳ හිට හමු වන මේ ආකාරයේ පාෂාණවල සුවිශේෂිත හැඩය නිසා අපේ මනස නිරායාසයෙන් ම අප දැක පුරුදු හැඩතල ඊට අනුරූපව ගලපා ගනී. මේ සංසිද්ධිය හැඳින්වෙන්නේ pareidolia නමිනි.



1976 දී වයිකිං 1 අඟහරු ගවේෂණ යානය මඟින් ලබාගත් ඡායාරූපයක් මේ සංසිද්ධිය ඉහළින් ම උලුප්පා දක්වන්නට සමත් විය. ඒ දැවැන්ත මුහුණක පෙනුමින් යුතු යමක් අඟහරු මතුපිටින් දිස් වීමත් සමඟයි. නමුත් පසු කාලීන ව ලබාගත් වඩාත් සුපැහැදිලි ඡායාරූප මඟින් අනාවරණය වූයේ එය වැලි පරයක් බවයි.



කියුරියෝසිටි මේ ‘පොතේ’ ඡායාරූපය ගෙන තිබෙන්නේ පසුගිය අප්‍රේල් 15 දා යි.

views

363 Views

Comments

arrow-up