අලුත් වෛද්‍ය උපකරණයක් හඳුන්වා දෙයි.
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

අලුත් වෛද්‍ය උපකරණයක් හඳුන්වා දෙයි.

අලුත් වෛද්‍ය උපකරණයක් හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ චර්ම වෛද්‍ය සේවා මධ්‍යස්ථානවල භාවිතයට ගැනීමට නියමිත නවතම වෛද්‍ය උපකරණයක් හඳුන්වා දී තිබේ. MCT injector නමින් හැඳින්වෙන මෙය, Mesotherapy සහ Carboxytherapy යන ප්‍රතිකර්මවල සංයෝජනයකි. මෙමගින් මුහුණ හා ශරීරය සඳහා සිදුකරන ප්‍රතිකර්ම වර්ග කිහිපයක් වේදනාවෙන් තොරව සහ වඩාත් සුරක්ෂිත ලෙස සිදුකළ හැක.



OMED Pharmaceuticals (පුද්) සමාගම චර්ම වෛද්‍යවරුන් සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් වෙනුවෙන් සම්මන්ත්‍රණයක් හා වැඩමුළුවක් පසුගියදා පවත්වනු ලැබීය. මෙහිදී චර්ම වෛද්‍ය සේවාවන්ට අදාළ Depigmentation, Peelings, Intradermal Solutions සහ Fillers වැනි ප්‍රතිකර්ම සම්බන්ධ නවතම ප්‍රවණතා පිළිබඳව ඔවුන් දැනුවත් කර ඇත.



මෙම සම්මන්ත්‍රණය හා වැඩමුළුව මෙහෙයෙවන ලද්දේ, ලොව ජනප්‍රිය වෛද්‍යවරයෙකු මෙන්ම කර්තෘවරයෙකු වන ගේබ්‍රියෙල් අයාලා වෙලාස්ක්වෙස් (Gabriel Ayala Velazquez) විසිනි. ඔහු විසින් ඉහත වෛද්‍ය උපකරණය හඳුන්වා දෙන ලදී.
 

views

282 Views

Comments

arrow-up