විශ්වයේ රහස් රැසක් රැගෙන ඔසිරිස් රෙක්ස් යළි පෘථිවියට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

විශ්වයේ රහස් රැසක් රැගෙන ඔසිරිස් රෙක්ස් යළි පෘථිවියට

විශ්වයේ රහස් රැසක් රැගෙන ඔසිරිස් රෙක්ස් යළි පෘථිවියට

බෙන්නු නම් ග්‍රහකය මතුපිටින් එක්රැස් කරගත් පාෂාණ සාම්පලය පෘථිවියට රැගෙන ඒමේ මෙහෙයුම ලබන සැප්තැම්බර් මාසයේදී සිදු කෙරෙන බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබේ.

 

ඔසිරිස් රෙක්ස් අභ්‍යවකාශ යානයෙන් රැගෙන එන මෙම සාම්පල කැප්සියුලය පැරෂුටයක් මගින් ඇමරිකාවේ යූටා කාන්තාරයට ගොඩබෑමට නියමිත අතර ඔසිරිස් මගින් පෘථිවියට ග්‍රහක සාම්පලයක් රැගෙන එන පළමු මෙහෙයුම මෙය වේ.

 

ඔසිරිස් රෙක්ස් බෙන්නු ග්‍රහකය මත සාර්ථකව ගොඩ බැස දූවිලි හා පාෂාණ රැස් කිරීමේ මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ 2020 වසරේ දී බව වාර්තා වේ. නියැදි කැප්සියුලය ගොඩබෑමෙන් අනතුරව නාසා හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව රසායනාගාරයට රැගෙන ඒමට නියමිත වේ.

 

මේ වන විටත් නාසා ආයතනයේ විද්‍යාඥයන් ආරක්ෂිතව සාම්පල පරීක්ෂා කිරීම සඳහා පෙරහුරු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

views

129 Views

Comments

arrow-up