අයිෆෝන් පරිශීලකයන් වෙනුවෙන් වට්ස්ඇප් අලුත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

අයිෆෝන් පරිශීලකයන් වෙනුවෙන් වට්ස්ඇප් අලුත් වෙයි

අයිෆෝන් පරිශීලකයන් වෙනුවෙන් වට්ස්ඇප්  අලුත් වෙයි

IPhone භාවිතා කරන පාරිභෝගිකයන්ට Whatsapp භාවිත කිරීමේ දී නව විශේෂාංගයක් හඳුන්වා තිබේ. මෙම හඳුන්වාදීම Meta සමාගම විසින් IPhone භාවිතා කරන්නන් හට ලබාදී ඇති අතර එය Whatsapp පුළුල් කිරීමේ වැඩසටහන හරහා බල ගැන්වෙනු ඇත.

 

WaBetainfo වාර්තාවකට අනුව IOS 23.5.77 යාවත්කාලීන කිරීම මගින් මෙම Whatsapp විශේෂාංගයට හිමිකම් කීමේ හැකියාවක් පවතී. මෙම Whatsapp විශේෂාංගය Apple app store හි ඇති බවත් එයින් බාගත කරගන්නා ලෙසත් සමාගම දැනුම් දී තිබේ.

 

මෙම විශේෂාංගය හරහා හඬ සටහනක් පටිගත කිරීමට අමතරව එය බෙදා ගැනීමේ අවස්ථාව පුළුල් කර ඇති බව වාර්තා වන අතර මෙම විශේෂාංගය මගින් බෙදා ගත් ඡායාරූප ආදිය උපුටා ගැනීමේ හැකියාවද පරිශීලකයින් සතුවෙයි. Meta සමාගම වැඩිදුරටත් නිවේදනය කරන්නේ, මෙම ඡායාරූප හඳුනාගැනීම සඳහා Whatsapp IOS 16 API තිබිය යුතු බවයි.

views

180 Views

Comments

arrow-up