මෙරට ජනගහනයෙන් හතරෙන් තුනක් සතුව ස්මාර්ට් ෆෝන්

මෙරට ජනගහනයෙන් හතරෙන් තුනකටම ස්මාර්ට් ජංගම දුරකතන තිබෙන බව ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.
2023 ජනවාරි 01 වැනිදා වන විට ස්මාර්ට් ජංගම දුරකතන එක්කෝටි පනස් අට ලක්ෂ හැත්තෑ හත්දහස් පන්සිය අනූ හතරක් ලියාපදිංචි වී ඇති අතර 2022 දෙසැම්බර් අවසානය වනවිට මෙරට තුළ ලියාපදිංචි වී ඇති ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ සිදුව ඇති බැණ වැදීම්, තර්ජනය කිරීම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමුකළ ලිපියකට අනුව මෙම තොරතුරු ලබා දී තිබිණි.
163 Views
Comments