ශ්‍රී ලංකාවේ විශාලතම සහ තාක්ෂණයෙන් උසස්ම ජෛව පොහොර නිෂ්පාදනාගාරය විවෘත කෙරේ

ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණායතනයක් වන මහනුවර මූලික අධ්‍යාපන ආයතනයේ පර්යේෂකයන් විසින් වසර පහළොවකට අධික කාලයක් පුරා පර්යේෂණ කරමින් සොයා ගන්නා ලද බයෝෆිල්ම් ජෛව පොහොර තාක්ෂණයෙන් බල ගැන්වුණු, ශ්‍රී ලංකාවේ විශාලතම සහ තාක්ෂණයෙන් උසස්ම ජෛව පොහොර නිෂ්පාදනාගාරය, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය දා විවෘත විය.
පේටන්ට් බලපත්‍රයක් ද හිමි බයෝෆිල්ම් තාක්ෂණය 100% ක් ස්වාභාවික යුරෝපීය තත්වයන්ට අනුකූලව කාබනික බවට සහතික කළ පරිසර හිතකාමී නිෂ්පාදන සංකල්පයක් වන අතර, මෙම ජෛව පොහොර මගින් රසායනික පොහොර භාවිතය 30% ක් දක්වා අඩු කළ හැකි බවට තහවුරු කොට තිබේ.
196 Views
Comments