MAR
03
වයස 18 ට අඩු නම්, ටික් ටොක් දවසට පැයක් පමණි

ටික්ටොක් සමාගම විසින් වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයන් සඳහා සීමා පැනවීමක් සිදුකිරීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.
එම සමාගම පවසන පරිදි, මෙම නව සංශෝධනය සමග වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයන්ට දිනකට ටික් ටොක් යෙදුම භාවිතා කළ හැක්කේ විනාඩි 60 ක කාලයක් සඳහා පමණි.
මෙම සැලසුම ඉදිරි සති කීපයේදී ක්‍රියාත්මක වීමට නියමිත බව එම සමාගම නිවේදනය කොට තිබේ.
201 Views
Comments