එළඹෙන වසරේ සිට සියළුම රාජ්‍ය ආයතන වල ගෙවීම් ඩිජිටල් ක්‍රමයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

එළඹෙන වසරේ සිට සියළුම රාජ්‍ය ආයතන වල ගෙවීම් ඩිජිටල් ක්‍රමයට

එළඹෙන වසරේ සිට සියළුම  රාජ්‍ය ආයතන වල ගෙවීම් ඩිජිටල් ක්‍රමයට

ලබන වසරේ මාර්තු මාසයේ සිට රාජ්‍ය ආයතනවල සියලු ගෙවීම් සහ අය කිරීම් ඩිජිටල් විද්‍යුත් ගෙවීම් පහසුකම් යටතේ පමණක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

 

ඊට  අදාල තාක්ෂණික මඟපෙන්වීම මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ රාජ්‍ය ආයතන වෙත ලබාදෙන බවත් මේ වනවිට රටේ ඩිජිටල් පරිවර්තනයක් සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඔහු කියා සිටී.

 

මේ වසර ඇතුළත සයිබර් ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පැවසූ ඔහු ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම යටතේ මෙම පනත ගෙන එන බව පෙන්වා දුනි.

 

සමහර පුද්ගලයින් ඩිජිටල් පද්ධති අනිසි ලෙස භාවිතා කිරීම පාලනයට සහ තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමටත්, තොරතුරු හා සයිබර් ආරක්ෂණ නියාමන අධිකාරිය පිහිටුවීමට ද මෙමගින් හැකියාව ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

 

ශ්‍රී ලංකාවේ නව සයිබර් ආරක්ෂණ  මූලෝපායික සැලැස්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ  ලෝක බැංකුව එක්ව කොළඹදී පැවැත්වූ වැඩමුළුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.

views

221 Views

Comments

arrow-up