ජාතික තේ පර්යේෂණායතනය නැවුම් තේ දල්ලෙන් සෝස් නිපදවයි

තලවකැලේ තේ පර්යේෂණ ආයතනය විසින් නැවුම් තේ දළු භාවිතා කරමින් කොළ පැහැයෙන් යුක්ත සහ ස්වභාවික රසයකින් යුක්ත ශරීරයට ඉතා හිතකර සෝස් වර්ගයක් නිෂ්පාදනය කර තිබේ.
වෙනත් සෝස් වර්ග භාවිතා කරන ආකාරයටම මෙම සෝස් වර්ගය ද භාවිතා කළ හැකි බව එම ආයතනය කියා සිටින අතර මෙම නව නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට ද අයදුම්පතක් යොමුකර ඇති බව වාර්තා වේ.
එම සහතිකය හිමිවීමෙන් පසු, මෙම නිෂ්පාදනය වාණිජ මට්ටමින් කරගෙන යාමේ හැකියාව ඇති ඕනෑම අයෙකුට මෙම තාක්ෂණය ලබාදීමට සූදානම් බව තේ පර්යේෂණායතනය සඳහන් කර සිටී.
207 Views
Comments