ඉයර් ෆෝන් භාවිතයේ අනතුරු ගැන නවතම හෙළිදරවුවක්

දරුවන් නිතර ඉයර් ෆෝන් කනේ ගසා සිටීම නිසා කලාඳුරු කන ඇතුළට තල්ලුවී යන අතර එම නිසා කන පැසවීම, පුස් හටගැනීම, කන් බෙරයට හානිවීම සිදුවිය හැකි බව උගුර කන නායස පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය සඳහන් කරයි.
එබැවින් දරුවන් අන්තර්ජාලයෙන් අධ්‍යාපනය කටයුතු සිදුකිරීමේදී ‘ඉයර් ෆෝන්‘ භාවිත කිරීම නිසා කනට හානි සිදුවන බවත්, කනට එවැනි හානි සිදුවීම නිසා ශ්‍රවණාබාධ හටගන්නා බවත්, එනිසා ප්‍රෙව්ශමෙන් කටයුතු කළ යුතු බවත් ඇය කියා සිටී.
කනට යම් හානියක් සිදුවුව හොත් හෝ ඇසීමේ දුර්වලතා ඇත්නම් ප්‍රමාද නොවී වෛද්‍යවරයකු හමුවිය යුතු බවද ඇය පෙන්වා දුනි.
257 Views
Comments