සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජංගම දුරකතන යෙදුමක්

එළඹෙන පළමු වැනිදා සිට භාෂා 7 කින් ක්‍රියා කළ හැකි ජංගම දුරකතන යෙදුමක්(මෘදුකාංගයක්) දියත් කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
ඒ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙනි.
සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා තිබෙන හොඳම ජංගම දුරකතන මෘදුකාංගය බවට මෙය පත්වන බව පැවසූ ඔහු මෙම මෘදුකාංගයේ ත්‍රී රෝද රථ ලියාපදිංචි කර කේතයක් ලබා දෙන බවත් සංචාරකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවකදී එම කේතය ස්කෑන් කර උදව් ඉල්ලා සිටිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම මෙම ජංගම දුරකතන මෘදුකාංගය වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මකවන ඇමතුම් මධ්‍යස්ථානයක් තිබෙන බවත් පොලිසියට මෙම මෘදුකාංගය නිරීක්ෂණය කරමින් අවශ්‍ය වූ විට ක්‍රියා මාර්ග ගැනීමට හැකියාව පවතින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.
215 Views
Comments