සුප්‍රකට නොකියා සමාගමට නව මුහුණුවරක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

සුප්‍රකට නොකියා සමාගමට නව මුහුණුවරක්

සුප්‍රකට නොකියා සමාගමට නව මුහුණුවරක්

නොකියා සමාගම අලුත් වේ. ඒ වසර හැටකට පසු ප්‍රථම වතාවට නොකියා ලාංඡනය වෙනස් කරමින් නව සන්නාම අනන්‍යතාවයක් සමග පාරිභෝගිකයන් හමුවට පැමිණීමේ තීරණයක් සමගිනි.

 

නව ලාංඡනය නොකියා යන වචනය සෑදෙන විවිධ හැඩතල පහකින් සමන්විත වන අතර, පැරණි ලාංඡනයේ ඇති සංකේතාත්මක නිල් වර්ණය අඩංගු නොවන බව සඳහන් වේ.

 

එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Pekka Lundmark සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර සිටියේ, වර්තමානය වන විට නොකියා සමාගම ව්‍යාපාරික තාක්ෂණ සමාගමක් දක්වා පරිවර්තනය වී ඇති බවයි.

views

269 Views

Comments

arrow-up