තල් සහ මුහුදු පැලෑටි වලින් සෞඛ්‍ය සම්පන්න ජෑම් එකක් නාරා ආයතනය නිපදවයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

තල් සහ මුහුදු පැලෑටි වලින් සෞඛ්‍ය සම්පන්න ජෑම් එකක් නාරා ආයතනය නිපදවයි

තල් සහ මුහුදු පැලෑටි වලින් සෞඛ්‍ය සම්පන්න ජෑම් එකක් නාරා ආයතනය නිපදවයි

සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි ජෑම් වර්ගයක් නිෂ්පාදනය කිරීමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ ආයතනය හෙවත් නාරා ආයතනය සමත්ව ඇත. තල් ගෙඩියෙන් ලබා ගන්නා තල් පල්ප සහ ග්‍රසිලාරියා නමැති මුහුදු පැළෑටිය යොදා ගනිමින් ඔවුන් එම ජෑම් වර්ගය නිෂ්පාදනය කර ඇත.

 

නාරා ආයතනය සඳහන් කරන්නේ, මෙවැනි මුහුදු පැළෑටි ආශ්‍රිත නිෂ්පාදන වෙන රටවල දකින්න ලැබුණද, මෙය ලංකාවට ආවේණික වූ නිෂ්පාදනයක් බව යි. වෛද්‍යවරුන් විසින් තන්තුමය ආහාර නිර්දේශ කර ඇති පුද්ගලයන් සඳහා තල් පල්ප සහ මුහුදු පැළෑටිවල තන්තු ගතිය වැඩි මට්ටමක පවතින බැවින් මෙය ඉතාමත් හිතකර වෙනවා. එමෙන්ම මෙම ජෑම් තුළ විටමින් E සහ විටමින් K වැනි විටමින් වර්ග සහ විවිධ ඛනිජ ලවණ අන්තර්ගතයි. දිව පිනන රස කාරක නිෂ්පාදනයකට වඩා ශරීරයට මේවා ගුණදායක බව නාරා පර්යේෂණ අංශය පවසයි.     

views

282 Views

Comments

arrow-up