ඉන්දියාවේ සහ රුසියාවේ සහයෙන් ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

ඉන්දියාවේ සහ රුසියාවේ සහයෙන් ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක්

ඉන්දියාවේ සහ රුසියාවේ සහයෙන් ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක්

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා ප්‍රකාශ කොට සිටින්නේ ඉන්දියාවේ සහ රුසියාවේ තාක්ෂණ සහාය ලබා ගනිමින් ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදි කිරීමේ සැලසුමක් පවතින බවයි.

 

වසර 15 ක ණය මුදලක් යටතේ ඉදිකිරීමට යෝජිත මෙම න්‍යෂ්ටික බලාගාරය මෙගාවොට් 100 ක් පමණ නිපදවන කුඩා-මධ්‍යම ක්‍රියාකාරකයක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය ආරක්ෂිත සහ අවම අවදානමක් ඇති න්‍යෂ්ටික බලාගාරයක් වන බවද, එහි පිරිවැය ඉහළ එකක් වුවත් ධාවන පිරිවැය අඩු වන අතර, එයට ඉන්ධන පිරවිය යුතු වන්නේ වසර දෙක තුනකට වරක් පමණක් බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.
 

views

224 Views

Comments

arrow-up