ලොව ප්‍රථම ත්‍රිමාණ මුද්‍රිත රොකට්ටුව අභ්‍යවකාශයට

2015 දී ටිම් එලිස් සහ ජෝර්ඩන් නූන් විසින් ආරම්භ කරන ලද Relativity Space යනු කැලිෆෝනියාවේ ස්ථාපිත කර ඇති ඇමරිකානු ගුවන් අභ්‍යාවකාශ නිෂ්පාදන සමාගමකි. එය ප්‍රධාන වශයෙන් වාණිජමය කක්ෂීය දියත් කිරීමේ සේවාවන් සඳහා රොකට් එන්ජින් නිෂ්පාදනය කරනු ලබයි.
මේ වනවිට ලෝකයේම අවධානය දිනාගෙන තිබෙන මෙහෙයුමකට මෙම සමාගම උරදී තිබේ. එනම් ලොව ප්‍රථම ත්‍රිමාණ මුද්‍රිත රොකට්ටුව අභ්‍යාවකාශගත කිරීමේ කර්තව්‍යයි. එය එක්සත් ජනපදයේ ෆ්ලොරීරිඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේදී සිදු කිරීමට නියමිතය. මෙම මෙහෙයුම නම් කර ඇත්තේ "Good Luck Have Fun" යනුවෙනි.
Relativity Space සමාගම මෙම රොකට්ටුව ත්‍රිමාණ ලෝහ මුද්‍රණය, කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය ඒකාබද්ධව දින 60 ක් වැනි කෙටි කාලයක් තුළ නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි.
මීට අමතරව මෙම සමාගම අනාගත මෙහෙයුමකදී කුඩා චන්ද්‍රිකාවක් දියත් කිරීම වෙනුවෙන් එක්සත් ජනපද අභ්‍යාවකාශ ඒජන්සිය වන නාසා ආයතනය සමග ගිවිසුමකටද එළඹ ඇත.
251 Views
Comments