වාතය ශක්තිය බවට පරිවර්තනය කළ හැකි එන්සයිමයක් නිපදවේ

වාතය ශක්තිය බවට පරිවර්තනය කළ හැකි එන්සයිමයක් හඳුන්වා දුන් ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් පිළිබඳව තොරතුරු විදෙස් ආරංචි මාර්ග සඳහන් කර ඇත. මෙම එන්සයිමයට වායුගෝලයේ ඇති හයිඩ්‍රජන් අඩු ප්‍රමාණයකින් විදුලි ධාරාවක් නිර්මාණය කිරීමේ හැකියාව ඇති බවත් මෙම සොයාගැනීම තුනී වාතයෙන් ශක්තිය නිපදවන උපාංග නිෂ්පාදනය කිරීමට මග සලසන බවත් ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.
ඇන්ටාක්ටික් පාංශු, ගිනිකඳු ආවාට සහ ගැඹුරු සාගර වල වර්ධනයට සහ පැවැත්මට එහි සිටින බැක්ටීරියාවන් වාතයේ ඇති හයිඩ්‍රජන් ශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කිරීම තම සොයාගැනීමේ මූලධර්මය ලෙස යොදාගත් බව මෙම පර්යේෂකයන් පෙන්වා දී ඇත. මෙලෙස වායුගෝලීය හයිඩ්‍රජන් භාවිතා කිරීමේ එන්සයිමය Mycobacterium smegmatis නම් බැක්ටීරියාවෙන් නිෂ්පාදනය කර ඇති අතර මෙම එන්සයිමය Huc නමින් ඔවුන් හඳුන්වා දී තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි මොනාෂ් සරසවියේ සේවය කරන මෙම පර්යේෂකවරුන් එන්සයිමය පිළිබඳව වැඩිදුර අධ්‍යයනයන්ගෙන් එහි හිතකර බව සහ කාර්යක්ෂමතාව පිළිබඳවත් එය දීර්ඝ කාලීනව ගබඩා කර තැබිය හැකි බවත් හෙළිකොට ගෙන ඇත.
224 Views
Comments