WhatsApp අලුත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

WhatsApp අලුත් වෙයි

 WhatsApp අලුත් වෙයි

WhatsApp සමාජ මාධ්‍යය සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙන අතර මේ අනුව වට්ස්ඇප් සමූහ ඇඩ්මින්වරුන්ට එමගින් විශේෂ පහසුකමක් ලබාදීමට Meta සමාගම විසින් පියවර ගෙන තිබෙන බව එම සමාගම සඳහන් කරයි.

 

WhatsApp සමුහයන් (Group) භාවිතා කිරීමේදී එහි සිටින පරිශීලකයින් විසින් භාවිතා කරන පොදු වට්ස්ඇප් සමුහයන් පිළිබඳ වන තොරතුරු ඒ අනුව සමුහ පාලක ඇඩ්මින්වරුන්ට දැන ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

 

මේ අතර WhatsApp විසින් මෑතකදී සිය පරිශීලකයින් හට ඔවුන්ගේ හඬ ඔස්සේ "ස්ටේටස්" පළ කිරීමට ඉඩ සලසා ඇත.

 

සමූහ ඇඩ්මින්වරුන්ට වැඩි පාලනයක් ලබා දෙන මෙම WhatsApp හි නව විශේෂාංගය අනුව වට්ස්ඇප් සමුහ ආරාධනා සබැඳියන් (Request) හරහා ඇඩ්මින්වරුන්ට පරිශීලකයින්ගේ සියලුම ඉල්ලීම් එක තැනකින් පාලනය කිරීමට හැකිවන අතර එමගින් ඇඩ්මින්වරුන්ට අවශ්‍ය පරිශීලකයින්ට පමණක් සමුහයන් සඳහා ප්‍රවේශ වීමට අවසරය ලබාදීමට හැකිය.

 

මේ සමගම, WhatsApp විසින් පහසු විශේෂාංගයක් හරහා පරිශීලකයින්ට ඔවුන් භාවිතා කරනු ලබන පොදු සමුහයන් කුමක්ද යන්න පිළිබඳව තොරතුරු ලබාගත හැකිවේ.

views

219 Views

Comments

arrow-up