SLT- MOBITEL Enterprise වෙතින් ව්‍යාපාර සඳහා සුවිශේෂී බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජයක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITELහි ආයතනික විසඳුම් අංශය වන SLT-MOBITEL Enterprise මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් Data One නමින් නවතම බ්‍රෝඩ්බෑන්ඩ් විසඳුමක් හඳුන්වා දී ඇති අතර මෙය අදාල ව්‍යාපාරයන්හි සියලු ශාඛාවන් සම්බන්ධ කරන විශ්වාසනීය Single Bulk Broadband විසඳුමකි.
මෙමගින් ව්‍යාපාරවලට තම ප්‍රධාන කාර්යාල හා ශාඛාව අතර සුරක්ෂිත හා විශ්වාසනීය තොරතුරු තාක්ෂණික සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ පහසුකම් සැලසීම මෙන්ම දත්ත භාවිතය, කළමනාකරණය කිරීම, නිරීක්ෂණය කිරීම සහ ශාඛාවට දත්ත වෙන් කිරීම සඳහා වෙනම ද්වාරයන් රැසක් Data One මගින් ව්‍යාපාරවලට හිමි වේ.
ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා සම්මත මිල ගණන් යටතේ අතිරේක දත්ත ලබා ගත හැකි අතර සම්මත ගාස්තු යටතේ Static IP ද ලබාගත හැකිය.
ව්‍යාපාරවල ස්වභාවය අනුව SLT-MOBITEL විසින් New-born, Start-Up, Grow, Explore, Energized, Redefine, Astonish, Enterprise වශයෙන් Data One ග්‍රාහකත්ව පැකේජ කිහිපයක් හඳුන්වා දී ඇති අතර මෙම පැකේජවලට හිමි දත්ත ප්‍රමාණය ගිගාබයිට් 100 සිට 5000 දක්වා පරාසයක විහිදී පවතී.
එම පැකේජ වල මිල ගණන් රු. 4,500/= සිට රු.165,000/= දක්වා පවතින අතර ශාඛා 4 ත් 40 ත් අතර ප්‍රමාණයක් පවතින ව්‍යාපාර වලට මෙම පැකේජ භාවිත කළ හැකි වේ. එමෙන්ම එක් ශාඛාවක් සඳහා Data One මාසික ගාස්තුව රු.100/= ක් පමණි.
263 Views
Comments