මයික්‍රොසොෆ්ට් ආයතනයේ නවතම පිම්ම
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

මයික්‍රොසොෆ්ට් ආයතනයේ නවතම පිම්ම

මයික්‍රොසොෆ්ට් ආයතනයේ නවතම පිම්ම

ලොව ප්‍රබල සමාගමක් වන මයික්‍රොසොෆ්ට් ආයතනය පළමුවරට සිය පරිශීලකයින් වෙනුවෙන් කෘතිම බුද්ධි තාක්ෂණයෙන් බලගැන්වෙන නව මෙවලමක් හඳුන්වා දී තිබේ. Microsoft 365 Copilot නම් මෙම නව මෙවලම Word , Excel , PowerPoint , Outlook සහ Teams වැනි පරිශීලකයා බහුලව භාවිතා කරන යෙදුම් සමග ක්‍රියාත්මක වේ.

 

වර්තමානයේ භාවිත වන කෘතිම බුද්ධි තාක්ෂණයෙන් (AI) ක්‍රියාත්මක ChatGPT මෙන්ම ක්‍රියාත්මක බහු භාෂා මාදිලියකින් මේ සඳහා සහය සලසනු ලබයි.

 

Microsoft 365 Copilot හඳුන්වාදීම දෙයාකාරයකින් සිදු කර ඇති අතර පළමුව එය Word, Excel, PowerPoint, Outlook සහ Teams වැනි දෛනිකව භාවිත වන යෙදුම් තුළට යොදා ගන්නා අතර දෙවනුව විශාල භාෂා ප්‍රමාණයක් ආවරණය කරමින් Microsoft 365 යෙදුම හරහා ක්‍රියාකරන Business Chat නමින් නව අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙන බවත්,  නව හඳුන්වාදීම යටතේ මයික්‍රොසොෆ්ට් යෙදුම් හරහා මීට පෙර සිදු කර ගැනීමට නොහැකි වූ බොහෝ කාර්යයන් සිදු කර ගත හැකි බවත් මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කරයි.

 

Business Chat මගින් රැස්වීම්, ඊමේල් සහ Chat Threads යාවත්කාලීන කර ගැනීමට පවා අවස්ථාව හිමිවන බව ඔවුන් පවසයි.

 

Word භාවිතා කරන පරිශීලකයින් හට Copilot මෙවලම භාවිත කරමින් කෘතිම බුද්ධියේ ද සහය ලබා ගනිමින් පහසුවෙන් ලිවීමට, සංස්කරණය කිරීමට හා සාරාංශ කිරීම් සිදු කිරීම පහසු කරන අතර PowerPoint ඔස්සේ භාෂා විධානයන් මගින් සැලසුම් කළ ඉදිරිපත් කිරීමක් පහසුවෙන් සකසා ගත හැකි වෙයි.  තව ද  මේ හරහා සාරාංශගත කිරීම් හා ඊමේල් ලිවීමට ද පහසුවෙන් හැකි බව මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කරයි.

views

177 Views

Comments

arrow-up