ගෙවල් ඇතුළේ රෙදි වේලුවොත් වෙන දේ ගැන ඔබ දැන සිටියාද ?

වර්තමානය වන විට නාගරික තදාසන්න ප්‍රදේශ වල ජීවත් වන ජනතාව ඉතා කුඩා බිම් කොටස්වලද වෙසෙන නිසා සනිපාරක්ෂක ගැටළු දිනෙන් දින වැඩිවෙමින් පවතී.
බොහෝ දෙනෙක් එදිනෙදා සෝදන ලද ඇඳුම් පැළඳුම් නිසියාකාරව වියළා ගැනීමට ඉඩකඩ නොමැති වීම නිසා ඒවා නිවස තුළම වියළා ගැනීමට පෙළඹී සිටී. නමුත් මෙහි ඇති අවදානම වන්නේ එම ඇඳුම් පැළඳුම් නිසියාකාර හිරු එළියට නිරාවරණය නොවීම නිසා ක්ෂුද්‍ර ජීවීන්ට එනම් බැක්ටීරියා සහ දිලීර වලට හිතකර තත්ව ඇතිවීමයි.
මෙම ක්ෂුද්‍ර ජීවින්ට මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කළ හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මෑතකදී මහාචාර්ය නික් ඔස්බෝන් සහ ක්‍රිස්ටීන් කෙවී විසින් තෙතමනය සහිත වාතයේදී ක්ෂුද්‍ර ජීවීන්ගේ හැසිරීම පිළිබඳව අධ්‍යයනයක් සිදුකර ඇති අතර එහිදී තෙතමනය සහිත පරිසරයක දී වියළන ලද ඇඳුම් පරීක්ෂා කිරීමේදී ඇඳුම්වල මිනිසාට අහිතකර ක්ෂුද්‍ර ජීවින් සිටින බව නිරීක්ෂණය වී ඇත.
මෙය ස්වාභාවික ක්‍රියාවලියක් වන අතර අර්ධ වියළි ඇඳුම් මත බැක්ටීරියා හා දිලීර ඉතා පහසුවෙන් ක්‍රියා කරයි. මෙම අධ්‍යයනයට අනුව ප්‍රතිශක්තිකරණ පද්ධතිය යටපත් කර සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම වැනි ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග රාශියකට මෙම ක්ෂුද්‍ර ජීවීන් හේතුකාරක වන බව තහවුරු කර ඇත.නිවෙස් තුළ වියළන ලද ඇඳුම් වල ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය සියයට 30 කින් වැඩි වන අතර එම නිසා ඒවා හොඳින් එළිමහනේ පිටත වියළා ගත යුතු ය.
360 Views
Comments