ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් නිපැයුම ලෙස හෙළ Pay සම්මානයට පාත්‍ර වෙයි

LankaPay ජාතික ගෙවීම් ජාලය විසින් සංවිධානය කළ Technovation 2023 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් නිපැයුම සඳහා වන සම්මානය හිමිකර ගැනීමට හෙළPay දේශීය ගෙවීම් ක්‍රමවේදය සමත් වී ඇත.
මෙරට දේශීය බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ මූල්‍ය තාක්ෂණ (FinTech) ආයතන විසින් හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් සම්බන්ධ නිපැයුම් ඇගයීමට ලක් කෙරෙන මෙම ජාතික සම්මාන උළෙලේදී ඔවුන් මෙම සම්මානය හිමිකර ගන්නේ මූල්‍ය තාක්ෂණ කාණ්ඩය යටතේ බව ඔවුන් සඳහන් කරයි.
මෙරට වැඩිම පරිශීලකයින් පිරිසක් හිමි දේශීය ඇප් එක වන හෙළකුරු විසින් 2021 වසරේදී හෙළPay හඳුන්වා දුන් අතර විදෙස් කාඩ්පත් ගෙවීම් ක්‍රමවේද වෙනුවට භාවිත කළ හැකි දේශීය ඩිජිටල් ගෙවීමේ ක්‍රමවේදයක් ලෙස හෙළPay මහජනතාව අතර ප්‍රචලිත වී ඇත.
282 Views
Comments