ගූගල් සමාගමෙන් පරිශීලකයන්ට ගෙනා අලුත්ම දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

ගූගල් සමාගමෙන් පරිශීලකයන්ට ගෙනා අලුත්ම දේ මෙන්න

ගූගල් සමාගමෙන් පරිශීලකයන්ට ගෙනා අලුත්ම දේ මෙන්න

මාර්තු 21 වැනි දා ගූගල් සමාගම කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන (AI) ඔවුන්ගේ චැට්බොට් එක වන 'බාර්ඩ්' (Bard) එළිදැක්වීම ඇරඹීය. නමුත් දැනට එයට ප්‍රවේශවිය හැක්කේ ඇතැම් පරිශීලකයින්ට පමණක් වන අතර, ඔවුන් ද වයස අවුරුදු 18ට වැඩි තැනැත්තන් විය යුතු ය.

 

වෛරල් වූ එහි ප්‍රතිවාදියා වන ChatGPT මෙන් නොව අන්තර්ජාලයේ යාවත්කාලීන තොරතුරු වෙත ප්‍රවේශවීමට බාර්ඩ්ට හැකි අතර, සෙවුමට ප්‍රවේශවීමට ඉඩ සලසන "Google it" ('මෙය ගූගල් කරන්න') බොත්තමක් ද එහි තිබේ. කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන චැට්බොට් ක්‍රමලේඛනය කර ඇත්තේ ස්වභාවික සහ මිනිසුන් කතාකරන භාෂාවට සමාන බසක් භාවිතා කරමින් අන්තර්ජාලය හරහා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට ය.

 

දේශන සහ අලෙවිකරණ පිටපත්වල සිට පරිගණක කේත සහ ශිෂ්‍යයින්ගේ රචනා දක්වා ඕනෑම දෙයක් ලිවීමට ඒවාට හැකි ය.

 

2022 නොවැම්බර් මාසයේ දී ChatGPT දියත් කළ විට, සතියක් තුළ මිලියනයකට වැඩි පරිශීලකයින් පිරිසක් එය වටා රැස්වූ බව එහි පිටුපස සිටින සමාගම වන OpenAI පවසයි.

 

මයික්‍රොසොෆ්ට් සමාගම ඊට ඩොලර් බිලියන ගණනක් ආයෝජනයකර ඇති අතර, පසුගිය මාසයේ දී සිය සෙවුම් යන්ත්‍රය වන Bing වෙත එය ඇතුළත්කර ඇති අතර වර්ඩ්, එක්සෙල් සහ පවර්පොයින්ට් ඇතුළු මයික්‍රොසොෆ්ට් ඔෆිස් යෙදුම් වෙත ද මෙම තාක්‍ෂණයේ අනුවාදයක් ගෙන ඒමේ සැලසුම් එම සමාගම හෙළිකර තිබේ.

 

 

views

189 Views

Comments

arrow-up