ඉදිරි කාලයේ වට්ස්ඇප් වලට එකතු වෙන අලුත්ම විශේෂාංග මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

ඉදිරි කාලයේ වට්ස්ඇප් වලට එකතු වෙන අලුත්ම විශේෂාංග මෙන්න

ඉදිරි කාලයේ වට්ස්ඇප් වලට එකතු වෙන අලුත්ම විශේෂාංග මෙන්න

WhatsApp හි සියලුම නව හඳුන්වා දීම් සිදු කරනු ලබන WAbetainfo වෙතින් ඉදිරි මාස වලදී නව විශේෂාංග රැසක් එළිදැක්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

 

 

මෙලෙස හඳුන්වා දීමට නියමිත ඇතැම් විශේෂාංග Telegram වැනි මාධ්‍යයන්හි දැනටමත් භාවිතා වන නමුත් WhatsApp හරහා එම යෙදුම් භාවිතා කිරීමට මිනිසුන් කැමති බව එම සමාගම සඳහන් කර ඇත.

 

 

එම යාවත්කාලීන කිරීම් යටතට පණිවිඩ Pin කිරීමට ඇති හැකියාව, පණිවිඩ ඉවත් කිරීම සඳහා විකල්ප කාලසීමා 15 ක් ලබාදීම, හඬ පරික්ෂාව එක් වරක් බැලීමට ඇති අවස්ථාව සහ වේගවත් WhatsApp Windows යනාදිය ඇතුළත් වේ.

 

 

මෙයින් සමහර යෙදුම් Telegram ඔස්සේ වසර ගණනාවක් භාවිතා වූ යෙදුම් වන අතර ඇතැම් ඒවා අලුතින්ම හඳුන්වා දෙන ඉතා ප්‍රයෝජනවත් යෙදුම් බවට වාර්තා වී තිබේ.

views

317 Views

Comments

arrow-up