MAR
29
කෘතිම බුද්ධියේ දියුණුව නිසා මිලියන ගණනකට රැකියා අහිමි වන ලකුණු

කෘතිම බුද්ධිය හේතුවෙන් පුද්ගලයින් මිලියන 300 කට පමණ ස්ථීර රැකියා අහිමි විය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජන බැංකුවක් නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ඇමරිකාවේ සහ යුරෝපයේ වෘත්තීන් 25% කට පමණ කෘතිම බුද්ධිය භාවිතයත් සමග බලපෑම් එල්ලවිය හැකි බව එම වාර්තාවේ දැක්වෙයි.
එහෙත් පරිගණක ක්ෂේත්‍රයේ වර්ධනයත් සමග නව රැකියා අවස්ථා ඇති විය හැකිවීමත්, ඵලදායිතාව සැලකිය යුතු ලෙස දියුණුවීමත් ධනාත්මක ලක්ෂණ බව එම වාර්තාවේ සඳහන් වේ.
267 Views
Comments