MAR
28
සඳ මතුපිට වතුර ඇතැයි චීනය කියයි

2020 වසරේ චීනයේ "CHANG-E-5" සඳ ගවේෂණ මෙහෙයුම මගින් රොබෝ යානයක් සඳට යවා පස් සාම්පල ගෙන්වාගෙන සිදු කරන ලද පරීක්ෂණයට අනුව, සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබීමේ සම්භාවිතාවක් පවතින බවත් චීන විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කොටගෙන තිබේ.
එහෙත්, වායුගෝලයක් නොමැති සඳ වියළි, කටුක සහ ජීවයට නුසුදුසු තැනක් බවට මෙතෙක් කරගෙන ඇති අනාවරණයන් හි වෙනසක් නොවන බව ද ඔවුන් කියා සිටී.
212 Views
Comments