ඉලෝන් මස්ක් නැවතත් පෙරමුණ ගනී

ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණට පැමිණ තිබුනේ පෙරමුණේ රැඳී සිටි 74 හැවිදිරි බර්නාඩ් ආර්නෝල් අභිබවමිනි. ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ලැයිස්තුවක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මෙය වාර්තා කළේ ය.
වසරක් තුළ " ලොව ධනවත්ම පුද්ගලයා " යන කිරුළ වරින් වර ඉලෝන් මස්ක් සහ බර්නාඩ් ආර්නෝල් අතර දෝලනය විය.
ඉලෝන් මස්ක් යළිත් ධනවතුන් අතර පෙරමුණට පැමිණියේ, පසුගිය අප්‍රේල් මාසයේදී බර්නාඩ් ආර්නෝල්ගේ සමාගමක කොටස් 10% කින් පමණ පහත වැටීමත් සමග වන අතර එම කොටස් පහත වැටීම හමුවේ බර්නාඩ් ආර්නෝල්ට දිනක් තුළ සිදු වූ අලාභය අමෙරිකානු ඩොලර් බිලියන 11කි.
349 Views
Comments