අපිට ඉහළින් ඇසෙන අභිරහස් ශබ්ද
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

අපිට ඉහළින් ඇසෙන අභිරහස් ශබ්ද

අපිට ඉහළින් ඇසෙන අභිරහස් ශබ්ද

පෘථිවි වායුගෝලයේ කොටසක් වන ස්තර ගෝලයේ අභිරහස් ශබ්ද තරංග පවතින බව වාර්තා වී ඇත.



මිනිස් කනට නො ඇසෙන තරම් අඩු සංඛ්‍යාත එනම් හර්ට්ස් 20 ටත් වඩා අඩු සංඛ්‍යාතයන් ඇති මේ අධෝ ධ්වනි ශබ්දයන් (Infrasound) හඳුනාගෙන ඇත්තේ මුහුදු මට්ටමෙන් අඩි 70,000 ක් පමණ ඉහළට යවන ලද සූර්ය බල ශක්ති බැලූන වල ඇති විශේෂ උපකරණ මඟිනුයි.



මැයි 11 වැනි දින එක්සත් ජනපදයේ චිකාගෝහි පැවති ඇමරිකානු Acoustical Society සංගමයේ 184 වැනි රැස්වීමේ දී මේ සොයාගැනීම පිළිබඳ හෙළිදරව් කෙරුණි.



“ස්තර ගෝලය තුළ පැයකට වාර කීපයක් හටගන්නා අබිරහස් අධෝ ධ්වනිවල ප්‍රභවය කුමක් දැයි හඳුනාගෙන නැත.” මේ අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂකයා වන නිව් මෙක්සිකෝහි සැන්ඩියා ජාතික විද්‍යාගාරයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥයෙකු වන ඩැනියෙල් බෝමන් මහතා පැවසුවේය.



පෘථිවියේ මුහුදු මට්ටමෙන් කිලෝ මීටර් 14.5 ක් ඉහළ සිට ඇරඹෙන ස්තර ගෝලය කිලෝ මීටර් 50 ක් පමණ දක්වා ඉහළට පැතිර යයි.

views

410 Views

Comments

arrow-up