වැඩිම දුරක් ගිය මිනිසා සෑදූ මෙවලම

වොයේජර් 1 සහ 2 යානා අභ්‍යවකාශ ගත කරනු ලැබුණේ 1977 තරම් ඈත අතීතයේ යි. ඒ සෙනසුරු හා බ්‍රහස්පති පසු කර යන සිව් වසරක මෙහෙයුමක් ලෙසිනි. නමුත් ඊට එහා ගිය වටිනාකමක් එහි ඇති බව කල් යත් ම තේරුම් යද්දී මෙහෙයුමේ ආයු කාලය තව තවත් දිර්ඝ කරන ලදි.
මේ වන විට වොයේජර් 1 යානය පෘථිවියේ සිට දුරින් ම ඇති මිනිසා විසින් නිර්මිත මෙවලම බවට පත් ව ඇත. සෞරග්‍රහ මණ්ඩලයෙන් ද එපිටට ගොස් ඇති එය දැන් තිබෙන්නේ පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 23.483 ඈතිනි. වොයේජර් 2 තිබෙන්නේ ඊට වඩා පිටුපසිනි.
එම යානාවලට බලශක්තිය සපයා ගැනීමේ ගැටළුවක් මතු වූ නිසා ඒවායේ ඇතැම් කොටස් අක්‍රීය කරන්නට NASA ආයතනය කටයුතු කරනු ලැබීය.
බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේ දී මෙම යානා අක්‍රිය වනු ඇත.
332 Views
Comments