"SYS FILE MISSING" මොකද කරන්නේ? ඔබේ PC එකේ පොඩි පොඩි ලෙඩට බිනෝගෙන් බෙහෙත් - 02

Desktop පරිගණකය පණගන්වන විට sys යන ෆයිල් එක නොමැති බව පෙන්වයි. පරිගණකය Format කර අලුතින් Windows 10 Install කිරීමට ගියද Install කිරීමේ ක්‍රියාව මද වේලාවක් ක්‍රියාත්මක වී එතැනින් ඉදිරියට නොයයි.මෙයට හේතුව කුමක්ද?
RAM Module බුරුල් වීම නිසා හෝ Hard Disk එකෙහි SATA (Serial Advanced Technology Attachment) කේබල් එකට හානි වීම නිසා හෝ මෙවැනි දෝෂ ඇති වෙන්නට පුළුවන. මුලින්ම RAM Module ගලවා ඒවායේ සම්බන්ධ වන අග්‍ර හොඳින් පිරිසිදු කර, නැවත සම්බන්ධ කර දෝෂය සමනය වේදැයි විමසා බැලිය යුතු වේ. එසේ නොවේ නම් SATA Cable එකෙහි දෝෂයක් තිබේ යයි අනුමාන කළ හැකිය. අලුත් SATA Cable එකක් යොදා නැවත උත්සහ කරන්න.
221 Views
Comments