පෘථිවිය වගේම තවත් ග්‍රහලොවක් හමුවෙයි

පෘථිවියට තරමක් සමාන තවත් ග්‍රහලෝකයක් සම්බන්ධයෙන් තාරකා විද්‍යාඥයින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ග්‍රහලෝකයකින් පරාවර්තනය වූ රේඩියෝ සංඥාවක් මගින් එය අනාවරණය කර ගෙන ඇති අතර පෘථිවියේ සිට ආලෝක වර්ෂ 12 ක් දුරින් එය පිහිටා ඇති බවට විද්‍යාඥයන් අනුමාන කරයි.
මීට අමතරව එය පෘථිවියේ ප්‍රමාණයට සමාන බවට සහ බොහෝ දුරට එහි වායුගෝලයක් තිබිය හැකි බවටද මත පළ වී තිබේ.
ග්‍රහලෝකයකින් රේඩියෝ සංඥා නිකුත් වීමට නම් එහි චුම්භක ක්ෂේත්‍රයක් පැවතිය යුතු අතර පෘථිවියට වඩා කුඩා ග්‍රහලෝක වල එලෙස චුම්භක ක්ෂේත්‍ර හඳුනා ගැනීමට අපහසු වීම මෙම මතයන් ගොඩනැගීමට හේතු වී ඇත.
272 Views
Comments